එස්.බී., ඩිලාන්, ඇතුළු පස්දෙනාගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම්

Saturday, 14 September 2019 - 15:59

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%2C+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5දෙනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර චෝදනා පත්‍ර ඉදිරියේදී යොමු කරන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

මාතලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පක්ෂයට අගතියක් සිදුකරන ක්‍රියාවලින්ට සම්බන්ධ සියලූ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මීට පෙර පසුගිය 4 වනදා දින 7 ක් තුළ කරුණු දක්වන ලෙස දන්වමින් මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන එම මන්ත්‍රීවරුන්ට එරෙහිව නිදහස් පක්ෂය ලිපි යොමුකළා.

කෙසේ වෙතත් විනය පියවර පදනම් කර ගනිමින් සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories