අජිත් පී. සහ සුජීවත් ඉවත් කරන්න එජාප විනය කමිටුවෙන් නිර්දේශ - රනිල්ට පෙර සජිත් හමුවීමට දෙමළ සන්ධානයත් අකමැතියි

Saturday, 14 September 2019 - 18:55

%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93.+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂ නායකයින් අතර හමුව අද රාත්‍රියේ අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේදි පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

පසුගිය අඟහරුවාදා, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබුණේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සෙසු පක්ෂ සමඟද සාකච්ඡා කර පැමිණෙන ලෙසටයි.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල නායකයින් අතර සාකච්ඡාවක් පවත්වා සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානය අතර හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාව කල්යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට පෙර අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය අකමැත්තෙන් පසුවීම ඊට හේතුවයි.

මේ අනුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමඟ හෙට යොදාගෙන තිබූ සාකච්ඡාව වෙනුවට ලබන අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෙමළ ජාතික සන්ධානය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි වාර්තාවන්නේ.

එසේම කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරාගේ සහ සුජීව සේනසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව නිර්දේශ කර ඇති බවද වාර්තාවුණා.

විනය කමිටුවේ එම තීරණය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ එහි මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

විනය කමිටුව විසින් මෙවන් තීරණයක් ගැනීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් සිදුවන්නේ පක්ෂ නායකයා විසින් එය නැවත සළකා බලා අවසන් තීරණයක් ගැනීමයි.

එක්සත් ජාතික පක්ෂයේ නීතිිරීතිවලට පටහැනිව කටයුතු කිරීම සහ විනය විරෝධී ක්‍රියාවන් සිදුකළ බවට කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරාට සහ සුජීව සේනසිංහට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව පසුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර, අදාළ විනය පරීක්ෂණය ගැටළු සහගත බව දක්වමින් කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙපළ පක්ෂ මහ  ලේකම් අකිල විරාජ් කාරියවසම්ට ලිපිද යොමුකර තිබුණා.

මේ අතර නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්වුණා.

පසුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එම බස් රථය පැදවීමට කටයුතු කළ අතර, එහි ගමන් ගත් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඇතුලූ පිරිසක් සමඟ සංවාදයක නිරතවුණා.

එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ තමා සතුව වේගවත් ගමන් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories