ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු සෞදිය තෙල් නිෂ්පාදනය කපයි - ගෝලීය සැපයුම අර්බුදයක

Sunday, 15 September 2019 - 8:37

%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
සිය ප්‍රධාන තෙල් සංකීර්ණ දෙකක් ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වීමෙන් පසු ලොව විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබිය නිෂ්පාදනය කපා හැරීමට තීරණය කර තිබෙනවා.

ඩ්‍රෝන 10 ක් යොදාගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් එම තෙල් සංකීර්ණවල ගිනිගැනීම් හටගත් අතර, ප්‍රහාරයේ වගකීම යේමනයේ හවුති සටන්කාමීන් භාරගත්තා.

සෞදි බලශක්ති අමාත්‍යවරයා ලෙස පසුගියදා පත්වූ රජ කුමරෙකු වන අබ්දුලාසිස් බින් සල්මාන් ප්‍රකාශ කළේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු සිය රටේ තෙල් නිෂ්පාදනය දිනකට තෙල් බැරල් මිලියන 5.7 කින් පහත වැටී ඇති බවයි.

ප්‍රහාරයෙන් පසුව අබ්කායික් සහ කුරායිස් පිරිපහදුවල තෙල් නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒවා ලොව විශාලතම තෙල් නිෂ්පාදන සමාගම වන සෞදි ඇරැම්කෝ සමාගමට අයත් ඒවායි.

මෙලෙස නිෂ්පාදනය කපා හැරීමට සිදුවීමෙන් ගෝලීය තෙල් සැපයුමට විශාල බාධාවක් එල්ලවන අතර, එමඟින් ලෝක වෙළඳපොලේ තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක් ඇතිවේ යැයි අපේක්ෂිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories