දෙමටගොඩ - මහවිල පටුමගේ නිවසක සිදුවූ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් - කාන්තාවන් දෙදෙනෙකුට බරපතලයි (ඡායාරූප)

Sunday, 15 September 2019 - 10:07

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දෙමටගොඩ - මහවිල පටුමඟ - සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක අද උදෑසන 8.45 ට පමණ පිපිරීමක් සිදුවුණා.

මෙම පිපිරීම ගෑස් සිලින්ඩරයක කාන්දුවක් පවතින අවස්ථාවක ගිනි කූරක් දැල්වීමට යාම නිසා සිදුව ඇති බවටයි මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම සිදුවීමෙන් 60 හැවිරිදි සහ 64 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රකාශිකාවක කියා සිටියේ රෝහල් ගතකළ කාන්තාවන් දෙදෙනාගේ සිරුර සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයක් පිළිස්සී ඇති බවයි..

update : Sunday, 15 September, 2019 - 11.03
---------------------------------------------------------

දෙමටගොඩ මහවිල පටුමගේ නිවසක පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)

දෙමටගොඩ - මහවිල පටුමඟ - සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද උදෑසන 8.45 ට පමණ සිදුවූ මෙම පිපිරීම කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

පිපිරීම සමඟ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථයක් යැවූ බව ද ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories