දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව - පිටවුම ආසන්නයේදී අද පස්වරුවේ මෝටර් රථ 6ක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුර හේතුවෙන් කොළඹ දෙසට ඇතුළු වන මාර්ගයේ රථ වාහන තදබදයක් ද පැවති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරෙන් තුවාල ලැබූවන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරට ලක්වූ මෝටර් රථ මාර්ගයෙන් ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබූ බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, පවතින වර්ෂාවත් සමඟ අධිවේගී මාර්ගයේ ධාවන වේගය පැයට කිලෝමිටර් 60 දක්වා සීමා කර තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ වර්ෂාවත් සමඟ අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මෙලෙස රථ වාහන ධාවන වේගය සීමා කිරීමට පියවර ගත් බවයි.

Follow US
Most Viewed Stories