දෙමටගොඩ නිවසේ පිපිරිම සොයන්න, රස පරීක්ෂක කැදවයි

Sunday, 15 September 2019 - 18:58

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දෙමටගොඩ - මහවිල පටුමඟ - සමන්තවත්ත ප්‍රදේශයේ කුඩා දෙමහල් නිවසක අද උදෑසන ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීම පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා කැදවීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබදව අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ද පොලීසිය කරුණු වාර්තා කර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, නිළ සුනඛ අංශය සහ කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන්ගේ සහය ඇතිව මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, පිපිරීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ නිවසේ හිමිකාරිය සහ ඇගේ හිතවතියක් වන අතර, ඔවුන් දෙදෙනා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී සියයට 60කට වැඩි ප්‍රමාණයක් සිරුරේ පිළිස්සී ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මහවිල පටුමඟ - සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක අද උදෑසන 8.45 ට පමණ පිපිරීමක් සිදුවුණා.

පසුව අනාවරණ වුණේ අදාළ නිවසේ ගෑස් සිලින්ඩරයක කාන්දුවක් පවතින අවස්ථාවක ගිනි කූරක් දැල්වීමට යාම නිසා මෙම පිපිරීම සිදුව ඇති බවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories