අධිවේගයේ ගංජා ප්‍රවාහනය කළ කාන්තාව රිමාන්ඞ්

Monday, 16 September 2019 - 13:04

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මෝටර් රථයකින් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම රථයේ හිමිකාරිය ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකාරිය බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් තිලක්ෂි වාසනා සූරියආරච්චි හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පෙරේදා බද්දේගම පිවිසුමෙන් පිටවූ මෙම මෝටර් රථය පිළිබඳ සැක සිතී එහි පොලිස් නිලධාරින් එම මෝටර් රථයට නතර කරන ලෙස සංඥා කළ ද එය නොනවත්වා ධාවනය කර තිබුණා.

පසුව, ප්‍රදේශවාසියෙකු පොලීසියට දැනුම්දී තිබුණේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් ගමන් මළු 3 ක් බද්දේගම ක්‍රිස්තුදේව ප්‍රාථමික විද්‍යාලයට ගමන් කරන මාර්ගයේ කැළෑබද ප්‍රදේශයකට විසිකර දමා ගිය බවයි.

පසුව, පොලීසිය එහි ගොස් සිදුකළ පරීක්ෂාවේදී මේවා කේරළ ගංජා බවට අනාවරණ වූ අතර, වැඩිදුර පරීක්ෂාවේදී ගංජා කිලෝග්‍රෑම් 28 ක් සොයා ගැනුණා.

අනතුරුව, මෝටර් රථයේ අංකය පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ එය බද්දේගම පිවිසුමෙන් අණ නොතකා ධාවනය කළ ගෝනපීනුවල - මාජුවාන - කේරදේවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකට අයත් එකක් බවයි.

පසුව ඊයේ නිවසට පැමිණි අවස්ථාවේදී සැකකාරිය අත්අඩංගුවට ගත් අතර, ඇය පොලීසියට සඳහන් කර ඇත්තේ තමා අදාළ මෝටර් රථය තවත් පුද්ගලයෙකුට කුලියට ලබාදුන් බවයි.

එහෙත්, එලෙස කුලියට ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කිරීමට අපොහොසත් වීම මත සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි බද්දේගම පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories