පැවති වැසි තත්ත්වය හේතුවෙන් ඉහල ගිය කැළණි, කළු, ගිං යන ගංගාවල සහ අත්තනගලුඔයේ ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් බැස යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කල නවතම නිවේදනයේ දැක්වෙන්නේ කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශය ආශ්‍රිතව හා අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශය ආශ්‍රිතව තවමත් සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.
එසේම නිල්වලා ගඟ, පානදුගම ප්‍රදේශය ආශ්‍රිතව අවධානයෙන් සිටිය යුතු මට්ටමට පැමිණ ඇතැයි ද එම නිවේදනයේ සඳහන්.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන වැසි හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් අද පෙරවරුවේ ස්වයංක්‍රීයව විවෘත වුණා.
එමෙන්ම, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
අධික වර්ෂාවත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල, මිනුවන්ගොඩ, වත්තල සහ කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල පවුල් 1315ක් පිඩාවට පත්ව සිටිනවා.
හදිසි ජල ගැලිම් හේතුවෙන් කොලඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද පුද්ගලයින් 595 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.
රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලට නිකුත් කල නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇගවීම අද පස්වරු 04 දක්වා ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළා.
මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Follow US
Most Viewed Stories