පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර, සාකච්ඡාව ඇරඹේ

Tuesday, 17 September 2019 - 12:45

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මැතිවරණ කොමිෂන් සභාව සහ පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හමුව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදීයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග අනාවරණ කළා.

ජනාධිපතිවරණයේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිත අතර, ඊට අමතරව ලබන මස 11 වන දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරනු ඇති.

පෙරවරු 10.30ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මෙන්ම සෙසු පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ද එක්ව සිටිනවා.

සාකච්ඡාවට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ජනතා මුදල්වලින් තොරව අවම වියදමකින් ජනාධිපතිවරණය පැවැත්විමට අදාළව මෙම රැස්වීමේදී සියළු පක්ෂ වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories