ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙස බොහෝ පාර්ශවයන් තමාගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසූරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මහා සංඝරත්නය, සිවිල් සංවිධාන ප්‍රධානීන්, විවිධ ක්ෂේත්රවල විද්වතුන් මෙන්ම තරුණ සංවිධාන නියෝජිතයන් සහ දේශපාලන ක්‍රියාකාරීන් ද ඒ අතර වන බවයි.
කෙසේ නමුත්, එලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබදව සලකා බැලිය හැක්කේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, අරමුණු කර ගත් දේශපාලන බලවේග සමඟ එක්වීමෙන් පමණක් බව කථානායකවරයා අවධාරණය කළා.
එමෙන්ම, එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, එය පක්ෂ ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි.
ඒ සඳහා සියළු පාර්ශවයන්ගේ ආශිර්වාදය හිමි විය යුතු බව ද කථානායක කරු ජයසූරිය කියා සිටියා.

Follow US
Most Viewed Stories