දිස්ත්‍රික්ක 3 කට තවදුරටත් නායයෑම් අවදානම්

Tuesday, 17 September 2019 - 17:02

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
රත්නපුරය, නුවරඑළිය සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයකට  නිකුත් කර තිබූ නායයෑම් පිිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් හෙට පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහා මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට මෙලෙස අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මතුගම, පාලින්ද නුවර සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ වනවිට කැළණි ගෙඟ් ජල මට්ටම සාමාන්‍ය අතට පත්ව ඇති අතර, කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් පමණක් සුළු ජල ගැලීම් තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

 මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව අද පස්වරු 4 ට නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තරමක තද වැසි අපේක්ෂා කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories