බිලියන 2ක් ගෙවා ඇත්තේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුට පමණයි - විපක්ෂ නායක කියයි

Wednesday, 18 September 2019 - 15:27

%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ - නෙළුම් කුළුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇත්තේ එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අවධාරණය කරනවා.

නෙළුම් කුළුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මුදලක් අතුරුදන්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අදටත් නෙළුම් කුළුනේ වැඩකටයුතු සිදුකරන්නේ එම සමාගම බවයි.  

ඒ අනුව අනෙක් කොන්ත්‍රාත්කරු වූ ඒලිට් සමාගමට හෝ වෙනත් කිසිදු සමාගමකට කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

චීන රජයට අයත් මහා පරිමාණ සමාගමක් ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 2 ක් රැගෙන අතුරුදන්වූවා යැයි පැවසීම චීනයට කරන ලද දැවැන්ත අපහාසයක් බවද විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට බෙහෙවින් උදව් කළ චීනය වැනි මිත්‍රශීලී ලෝක බලවතෙකුට මෙලෙස ප්‍රසිද්ධියේ අපහාස කිරීම අදහා ගැනීමටත් නොහැකි දෙයක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන්ම වැයවී ඇත්තේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතිය පමණක් ඉදිකිරීමට එම පෞද්ගලික සමාගමට වැයවූ වියදමෙන් හතෙන් පංගුවකටත් අඩු මුදලක් බවත්, ඒ අනුව බලන කල නෙළුම් කුළුණ යනු කදිම ආයෝජනයක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ජනාධිපතිවරණයක් අත ළඟ තිබියදී මෙවන් ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කීර්තිය පොහොට්ටු පාර්ශවයට ලැබීම වැළැක්වීම සඳහා එය විවෘත කරන අවස්ථාවේදීම මෙම රුපියල් බිලියන දෙකේ මඩ ප්‍රහාරය දියත් කළ බව තම විශ්වාසය බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

නෙළුම් කුළුණ සම්බන්ධයෙන් 2019 අප්‍රේල් මාසයේදී පළවූ පිටු 670 ක විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවේද රුපියල් බිලියන 2 ක් රැගෙන අතුරුදන්වූ චීන කොන්ත්‍රාත්කරුවෙකු ගැන කිසිදු සඳහනක් නොමැති බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය නිවේදනයෙන් සඳහන් කළේ.

මීට අමතරව නෙළුම් කුළුණු ව්‍යාපෘතියට අදාළ සියලූම ලිපි ලේඛන විදුලි සංදේශ නියාමන කොමිසම සහ විගණකාධිපතිවරයා සතුව පවතින නිසා මෙම කාරණාවල සත්‍ය තත්ත්වය සොයාබැලීම කිසිසේත්ම අසීරු නොවන බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories