පුරාවිද්‍යා සේවකයන් සංස්කෘතික අමාත්‍යංශ පිවිසුමේ විරෝධතාවක

Wednesday, 18 September 2019 - 16:14

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
සිය පත්විම් ස්ථිර කරන ලෙස පවසමින් පුරාවිද්‍යා සේවකයන් පිරිසක් බත්තරමුල්ල - සෙත්සිරිපායේ පිහිටි නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණ තිබෙනවා.

අද පෙරවරු 9.30 පමණ එම ස්ථානයට පැමිණි මොවුන් විෂයභාර අමාත්‍යවරයා පැමිණෙන තෙක් අමාත්‍යංශ පිවිසුම් දොරටුව අභියස වාඩි වී සිටින බවයි  පුරාවිද්‍යා සේවක සංගමයේ සභාපති ජේ.එම්. ජනිත් සම්පත් හිරු ප්‍රවෘත්ති අංශය සඳහන් කළේ.

වසර 2 කට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට එවකට එම විෂයභාරව සිටි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 1500ක පිරිසක් බඳවා ගෙන ඇති බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් වත්මන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස යටතේ ද සේවකයින් 1450ක් බඳවා ගෙන ඇති අතර, මීට පෙර බඳවාගත් 1500ක පිරිස මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථිර කිරිමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරමිනුයි පුරාවිද්‍යා සේවකයන් මෙලෙස අමාත්‍යංශයට පැමිණ ඇත්තේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories