හබරණ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

Wednesday, 18 September 2019 - 16:27

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හබරණ නගරය ආසන්නයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූවන් දඹුල්ල සහ හබරණ රෝහලවලට ඇතුලත් කර තිබෙනවා.

අදාළ වෑන්  රථය යුද හමුදාවට අයත් වෑන් රථයක් බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories