එජාප ජනපති අපේක්ෂකයා තීරණය කිරීම ලබන සතියේ

Wednesday, 18 September 2019 - 22:30

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන් ද යන්න ලබන සතියේ පැවැත්වෙන රැස්වීමකදී තීරණය කරන බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ ජනපතිවරණ අපේක්ෂකයා කවුරුන් ද යන්න ලබන සතියේ රැස්වී තීරණය කරන බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට දැනුම්දුන් බවයි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හෙට සවස 6ට පැවැත්වෙන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories