වෛද්‍ය වර්ජනය 8 ට අවසන්

Thursday, 19 September 2019 - 7:14

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+8+%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන 8 ට ආරම්භ කළ සංකේත වර්ජනය අද උදෑසන 8 න් අවසන් වනවා.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශය සහ සායනික කටයුතු අඩාල වූ අතර, රෝගීන් රැසක්ද මේ නිසා දැඩි අපහසුතාවට පත්වුණා.

මේ අතර රජයේ සේවකයින්ට වැඩි කළ රුපියල් 2500 ක දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගමනගමන මණඩලයේ සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය ඊයේ පස්වරුවේ අවසන් කෙරුණා.

ඒ, ගැටළුවලට බලධාරීන්ගෙන් විසඳුම් ලැබීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ කළ වර්ජනය අද දහවන දිනටත් ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories