යුද හමුදාවෙන් ආබාධිත රණවිරුවන්ට කොළ එළියක්

Thursday, 19 September 2019 - 7:25

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිය ගැටළුව පිළිබඳව කටයුතු කිරීම සඳහා සාධාරණ කාලයක් ලබාදී සන්සුන්ව සිටින ලෙස යුද හමුදාව දැනට සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ගැටළුව විසඳීමට අදාළව මෙතෙක් දක්වා ඇති ධනාත්මක ප්‍රතිචාරය කෙරෙහි විශ්වාසයකින් කටයුතු කරන ලෙසටයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අත්පත්තු එම රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ක්‍රියාන්විතයේදී මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටළුව ඇතුලු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය අද 10 වන දිනටත් කොටුව දුම්රියපල ඉදිරිපිටදී ක්‍රියාත්මක වනවා.

විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන් ඊයේ දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට උත්සාහ කළද එහිදී උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පසුව කොටුව පොලීසියේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සත්‍යග්‍රහයේ නිරත රණවිරුවන් කිහිපදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත රැගෙන ගියේ ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න සමඟ සාකච්ඡාවක් සඳහායි.

එම සාකච්ඡාවද අසාර්ථක වීම හේතුවෙන් තමන් තවදුරටත් මෙම සත්‍යග්‍රහය අඛණ්ඩව සිදුකරන බව එහිදී ආබාධිත රණවිරුවන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අත්පත්තු කියා සිටියේ ආබාධිත රණවිරුවන්ගේ මෙම ගැටළුව පිළිබඳව මේ වනවිටත් අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories