update : විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් අගමැති ඉදිරිපත් කළේ නැහැ - ඇමති අකිල විරාජ්

Thursday, 19 September 2019 - 16:58

update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් හදිසි කැබිනට් රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොකළ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

update : Thursday, 19 September 2019 - 17.40
----------------------------------------------------------------

බහුතර ඇමතිවරුන් විරෝධය නිසා අගමැතිගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉවතට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව බහුතර අමාත්‍යවරුන් විරෝධය පළ කිරීම නිසා ඉවත් කරගෙන තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු, බොහෝ අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මෙවැනි යෝජනාවක් ගෙන ඒම නුසුදුසු බවයි.

මීට මාස කිහිපයකට පෙර මෙම යෝජනාව ඉදිරිපත් නොකලේ මන්දැයි එහිදී ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා.

ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මෙම යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි එහිදී එම අමාත්‍යවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories