පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට

Friday, 20 September 2019 - 10:29

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා අද උදෑසන 9.45ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.

එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමා සමඟ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් සියළු දෙනා මෙම අවස්ථාවට එක්ව සිටින බවයි.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා පසුගිය දා සිය කැමැත්ත පළකර තිබූ අතර, ඒ අනුවයි මෙලෙස සාක්ෂි විමසීම සිදුකරනු ලබන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසන අවස්ථාව මාධ්‍යයට විවෘත නොකරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අවධාරණය කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories