වත්තල - හේකිත්ත රෙදිපිළි අලෙවිසැලක ඇති වූ ගින්න පාලනයට ගිනි නිවන රථ 5ක්

Friday, 20 September 2019 - 10:32

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+-+%E0%B7%84%E0%B7%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AE+5%E0%B6%9A%E0%B7%8A
වත්තල - හේකිත්ත මං සන්ධියේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ ගින්න මැඬ පැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදුවන බව පොලීසිය පවසනවා.

මහල් 3කින් සමන්විත රෙදිපිළි වෙළදසැලක අද උදෑසන 6.30ට පමණ මෙම ගින්න හට ගත් අතර, ගින්න මැඬ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ගිනි නිවන රථ 5ක් පමණ යොදවනු ලැබුවා.

ඊට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන්, වත්තල පොලීසිය සහ ප්‍රදේශවාසීන් මේ සඳහා එක්ව සිටින බව සඳහන්.

ගින්න හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හට ගත්තා.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වන්නට ඇති බවට සැක කරන බවයි පොලීසිය පැවසුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories