බිරිඳට පහර දී සැමියා සිය දිවි නසා ගනී

Friday, 20 September 2019 - 11:05

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තංගල්ල - මැඩිල්ල පාරේ පිහිටි නිවසක සැමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දීමෙන් අනතුරුව ගෙළ වැළලාගෙන සිය දිවි කරගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට යන විටත් පහරකෑමට ලක්වූ කාන්තාව බරපතල තත්ත්වයෙන් වැටී සිට ඇති අතර, ඇය තංගල්ල රෝහලට ඇතුළත් කළ බව සඳහන්.

පසුව එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සහ සිය දිවි  නසා ගැනීම සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories