මැතිවරණ ප්‍රචාරණයට පොදු දේපළ භාවිතය ගැන, දැනුම් දෙන්න, කොමිසම ජනතාවගෙන් ඉල්ලයි

Friday, 20 September 2019 - 11:41

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට හෝ දිවයිනේ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදිය හැකි බව එම කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මේ වනවිටත් පැමිණිලි ලැබෙමින් පවතින බවයි මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

මේ වනවිට ලැබී ඇති පැමිණිලිවලට අදාළව නියෝග කිහිපයක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නාමයෝජනා දිනය ගැසට් පත්‍රයේ පළ කිරීමේ සිට ඡුන්ද විමසීම අවසන් වී ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අවසන් වීම දක්වා වූ කාලසීමාව ඡන්ද විමසීම් කාලසීමාවයි.

මේ වනවිට මැතිවරණ නීතිය බලාත්මක අතර, මැතිවරණ වැරදි, දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ඡන්ද විමසීම් පනතේ 66 වන වගන්තියේ සිට 85 වන වගන්තිය දක්වා තිබෙනවා.

ඒ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තියට අනුව ඡන්ද විමසීම් කාලයක් ප්‍රකාශයට පත් වූ අවස්ථාවකදී තහනම් වනවා.

ඒ අනුව මේ වනවිටත් මැතිවරණ කොමිෂන් සභාවට රාජ්‍ය දේපළ භාවිත කිරීම, පත්වීම් ලබාදීම ආදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි එම කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ. ඊට අදාළව අත්හිටුවීමේ නියෝග ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories