ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගොනු කෙරුණු පෙත්සම සලකා බැලීම කල් යයි

Friday, 20 September 2019 - 14:36

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අලූතින් නාම යෝජනා කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම යළි සලකා බැලීම මේ මස 24 වන දා දක්වා කල් දැමුණා.

බුවනෙක අලූවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැදවූ අවස්ථාවේදී එය කල් තබනු ලැබුවේ පෙත්සමේ ඇතැම් වගඋත්තරකරුවන්ට නොතීසි නොලැබීම හේතුවෙන්.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඔක්තෝම්බර් 11 වනදා අදාළ මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ එම කොමිසම රැස්වීමකින් තොරව බව ද පෙන්වා දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories