දුම්රිය අකුරට වැඩ අත්හිටුවයි

Saturday, 21 September 2019 - 12:07

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වැටුප් විෂමතා ගැටලූවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා ධනාත්මක බැවින් මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කළ බවයි.

මේ නිසා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories