කෘත්‍යාධිකාරී මණ්ඩලයට, නව සාමාජිකයන් පත් කිරීමේ උත්සාහයක් ගැන, එජාප පසුපෙළෙන් චෝදනා

Saturday, 21 September 2019 - 12:45

%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමේ උත්සාහයක් අද ක්‍රියාත්මක වන බවට වාර්තාවී ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

ඉදිරි දිනකදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම පිළිබඳ අවසන් තීරණයට එළඹීමට නියමිතව තිබියදී එය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම සදාචාර විරෝධී බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන බදාදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය මලික් සමරවික්‍රම ඊයේ මාධ්‍ය වෙත කියා සිටියා.

මේ අතර, දැනට විදේශගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ සියලූ මැති ඇමතිවරුන්ට ලබන 25 වනදාට පෙර දිවයිනට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දීමක්ද කර ඇති බවයි මීට පෙර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories