සෞදි අරාබිය ප්‍රතිප්‍රහාරයකට සූදානම්

Sunday, 22 September 2019 - 8:08

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
තම තෙල් පිරිපහදු සංකීර්ණ වෙත එල්ල කළ ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවට යළි අවධාරණය කළ සෞදි අරාබිය අවශ්‍ය පියවර ගනිමින් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව කියා සිටියා.

සෞදි අරාබියේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අදෙල් අල් ජුබයිර්, රියාද් නුවරදී ඊයේ මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රතිචාර දැක්විය යුතු පියවර පිළිබඳව සිය මිතුරු රටවල් සමඟ අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ඇතුලූ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය සෞදි අරාබියට දැන් වෙන කවරදාකටත් වඩා අවශ්‍ය වන බව රාජ්‍ය අමාත්‍ය අදෙල් අල් ජුබයිර්, වැඩිදුරටත් කියා සිටියා.

ප්‍රහාරය සම්බන්ධයෙන් යේමනයේ හවුති කැරළිකරුවන් වගකීම භාරගනු ලැබුවද ඇමරිකාව සහ සෞදි අරාබිය ඒ පිළිබඳ ඍජුව චෝදනා කරන්නේ ඉරානයටයි.

සෞදි අරාබිය වෙත සිය හමුදා යැවීමට ද කටයුතු කරන බව ඇමරිකානු  ආරක්ෂක ලේකම් මාක් එස්පර් ඊයේ නිවේදනය කළා.

කෙසේ නමුත් ඉරාන විප්ලවකාරී හමුදාවේ ප්‍රධානී මේජර් ජෙනරාල් හුසේන් සලාමි ප්‍රකාශ කළේ තම රටට එරෙහි  ඕනෑම ආක්‍රමණිකයෙකු මුළුමනින්ම විනාශ කිරීමට සූදානම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories