කරූ අද, සජිත් සහ අගමැති හමුවේ

Sunday, 22 September 2019 - 12:50

%E0%B6%9A%E0%B6%BB%E0%B7%96+%E0%B6%85%E0%B6%AF%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
කථානායක කරූ ජයසූරිය අද අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස හමුවීමට නියමිතයි.

කථානායකවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ අද දිනය තුළ කොළඹදී මෙම සාකච්ඡා සිදුවනු ඇති බවයි.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය පිළිබද අවසන් එකඟතාවකට පැමිණීම සඳහා දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම කථානායකවරයා හමුවීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර හමුවක්ද අද පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එළඹෙන සතියේදි රැස්වීමට නියමිත බව වාර්තාවනවා.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි එම පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය ඊයේ නිවේදනය කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් පමණක් ජනාධිපති අපේක්ෂකත්වය තෝරාගැනීමේ ක්‍රමවේදය අනුමත කළ නොහැකි බවයි.

එමෙන්ම සම්ප්‍රදායානුකූලව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වුවද මෙවර එය අරලියගහ මන්දිරයේ පැවැත්වීමට සූදානමක් පවතින බවට ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories