ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය, අධිකරණ නියෝගයකින් නවතී

Sunday, 22 September 2019 - 17:03

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
අපවත් වී වදාළ මුලතිව් - නයාරු - ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන කටයුතු අධිකරණ නියෝගයක් ලැබෙන තුරු එම විහාර භූමියේ සිදුනොකරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එන්. සුදාහරන් අද දායක සභාවට නියෝග කළා.

එමෙන්ම, එම හිමියන්ගේ ආදාහන කටයුතු අධිකරණ නියෝගයක් ලැබෙන තුරු සිදුනොකරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත්තේ.

විහාරස්ථානයේ දායක සභාවට සහ එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට හෙට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කළා.

විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් - නයාරු - නිරාවිය - පුල්ලයාර් කෝවිලේ පාලක සභාව සහ ප්‍රදේශයේ ජනතාව මුලතිව් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සදහන් කළේ විහාරස්ථානයේ හා විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ සාමය කඩ වන සහ එයට අගෞරව වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුකිරීමට අවසරයක් ද නොමැති බවයි.

එමෙන්ම, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලීසිය උපරිමයෙන් ක්‍රියා කළ යුතු බවටයි මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් එන්. සුදාහරන් වැඩිදුරටත් දැනුම් දුන්නේ.  

මුලතිව් - නයාරු - ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ මෙම කෝවිල ස්ථාපිත කිරීමට  පසුගිය සමයේ දෙමළ දේශපාලනඥයින්ගේ මැදිහත්වීම මත පිරිසක් කටයුතු කර තිබුණා.

ඇතැම් පිරිස් සදහන් කළේ විහාරස්ථානය පිහිටි භූමිය දෙමළ ජනතාවට අයත් එකක් බවයි. මේ වන විට භූමියේ පවතින කෝවිල සම්බන්ධයෙන් වව්නියාව මහාධිකරණයේ නඩුවක් ද පවතිනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර  ලබමින් සිටි විහාරාධිපති හිමියන් පෙරේදා අපවත් වූ අතර, උන්වහන්සේගේ ඉල්ලීම පරිදි දේහය මේ වන විට විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

විහාරස්ථාන අවට පොලිස් ආරක්ෂාව ද යොදා ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

අපවත් වී වදාළ ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මෝධාලංකාර කිත්ති නාහිමියන්ගේ ආදාහන කටයුතු හෙට සිදුකිරීමට දායක සභාව මීට පෙර සැලසුම් කර තිබුණත් අධිකරණ නියෝගය හේතුවෙන් තමන් වහන්සේලා අසරණ වී සිටින බවයි විහාරවාසී පූජ්‍ය බලල්ලේ රතනසාර හිමියන් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories