එජාප ජනපති අපේක්ෂකයා අනිද්දා - රනිල්, සජිත්, කරු හමුවේදී එකඟ වෙයි

Tuesday, 24 September 2019 - 7:17

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීම අනිද්දා දිනයේදී සිදුකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කථානායක කරු ජයසූරිය අතර එකඟතාවක් ඇති වී තිබෙනවා.

කථානායක නිළ නිවසේදී ඊයේ රාත්‍රියේ ඔවුන් අතර දෙවන වරටත් සාකච්ඡාවක් පැවැත්වුණේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන්.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරා ගැනීමේ එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට පැවැත්වීමට ද නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරනු ලබන නාම යෝජනා කමිටුව ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්දැයි කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දෙනු ලබනවා.

නාම යෝජනා මණ්ඩලය විසින් නම් කරන අපේක්ෂකයාට අමතරව තවත් ජනපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාකාරී මණ්ඩල සාමාජිකයින් අතර ඡන්ද විමසීමක් ද සිදුකළ යුතුයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 2015 - 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ පෙනී සිටියා.

ඒ, පාසල් ළමයින්ට නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදිමේදී හා ටැබ් පරිගණක ලබාදීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහායි.

ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ ඉදිරි දින දෙක තුළ පක්ෂයේ ජනපති අපේක්ෂකයා නම් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories