රිය අනතුරකින් දස හැවිරිදි දරුවෙකු මරුට - මවට තුවාල

Friday, 27 September 2019 - 10:36

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
වාරියපොළ - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දරුවෙකු මිය ගොස් දරුවාගේ මව තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 10ක් වූ අවුලේගම ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

සිය මව සමඟ යතුරුපැදියකින් අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි ස්කැමල් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූ මිය ගිය දරුවාගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහරෝහලට ඇතුළත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories