තැපෑලේ පරිගණක දෝෂයක්

Saturday, 28 September 2019 - 12:37

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලයේ හටගෙන ඇති හදිසි දෝෂ තත්ත්වයක් හේතුවෙන් පාරිභෝගික සේවා කටයුතු පවත්වාගෙන යාමේ ගැටළුවක් මතුව ඇති බවට තැපැල් වෘත්තීය සමිති චෝදනා නගනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සභාපති චින්තක බණ්ඩාර කියා සිටියේ දින ගණනාවක සිට පවතින මෙම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට විෂය භාර අමාත්‍යවරයා හා තැපැල්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය ගත් උත්සාහය ව්‍යර්ථ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories