පළාත් රැසකට තද වැසි, සුළං සහ ප්‍රබල අකුණු

Saturday, 28 September 2019 - 20:01

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%2C+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම, මන්නාරම සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම, මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයකින් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

මේ අතර, ඊයේ දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 240 කට දැඩි අලාභ හානි සිදුවුණා.

ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග කිහිපයක් අවහිර වූ අතර, ඒ හේතුවෙන් විදුලි රැහැන් පද්ධතිවලට හානි සිදුවීම නිසා ප්‍රදේශ රැසක විදුලිය ඇණ හිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories