සෞදි බල ඇණි 3 ක්, යේමනයේ හවුති කැරළිකරුවන්ට කොටුවේ

Sunday, 29 September 2019 - 7:37

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%AB%E0%B7%92+3+%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A
සෞදි දේශසීමා ප්‍රදේශයේදී සෞදි අරාබි හමුදා බල ඇණි 3 ක් තමන් කොටුකරගත් බව යේමනයේ හවුති කැරළිකරුවන් පවසනවා.

දේශසීමාවේ සෞදි නගරයක් වන නජ්රාන් ආසන්නයේදී සෞදි හමුදා සෙබළුන් විශාල සංඛ්‍යාවක් මෙලෙස අත්අඩංගුවට ගත් අතර, තවත් විශාල සංඛ්‍යාවක් මියගිය බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

හවුති සන්නද්ධ මෙහෙයුම පිළිබඳ ප්‍රකාශයක් කළ කර්නල් යහියා සරීයා කියා සිටියේ සෞදි හමුදාවන්ට ජීවිත සහ යුධෝපකරණ රැසක් අහිමිවූ බවයි.

එමෙන්ම අල්වාගත් සෞදි සෙබළුන් හවුති කැරළිකරුවන් පවත්වාගෙන යන අල් මසීරා රූපවාහිනී ජාලය ඔස්සේ අද ප්‍රදර්ශනය කරන බවද ඔහු සඳහන් කළා.

පසුගියදා සෞදි අරාබියේ තෙල් පිරිපහදු සංකීර්ණවලට එල්ල කළ ප්‍රහාරයේ වගකීම භාරගත්තේද හවුති කැරළිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories