ජනාධිපතිවරණය ගැන නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව අද

Monday, 30 September 2019 - 7:10

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධීපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

ඒ සඳහා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රි හතට ජනාධිපති නිල නිවසේදී රැස්වනු ඇති.

ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා වට 9 ක් පමණ මීට පෙර පැවති අතර, එහිදී ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවකට පැමිණ තිබුණා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ තරග කරන පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් දෙපාර්ශවය මත දෙකක සිටින නිසා මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිවී තිබෙනවා.

පොහොට්ටුව ලකුණ වෙනස් කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කර ඇති අතර, එය වෙනස් කර වෙනත් පොදු ලකුණක් යොදාගත යුතු බවයි නිදහස් පක්ෂයේ මතය වී ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමද ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී රැස්වූ අතර, එහිදීද ලකුණ සම්බන්ධයෙන් පැය 3 කට අධීක කාලයක් සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් පෙරේදා පවත්වා තිබෙනවා.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත පෙරේදා ලිපියක් යොමුකරමින් කියා සිටියේ පක්ෂ දෙකෙහි නියෝජිතයින් අතර හමුවක් සඳහා අවස්ථාව සලසා දෙන ලෙසයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories