ගෝඨාභයට එරෙහි පෙත්සම විභාගයට ගැනීම ඔක්තෝබර් 2 වැනිදා සිට

Monday, 30 September 2019 - 11:18

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+2+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිලිගැනීම අත්හිටුවීමේ නියෝගයක් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අනිද්දා සිට සලකා බැලීමට නියමිතයි.

අද මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන් ඔබේසේකර හමුවේ කැදවනු ලැබූ අතර පෙත්සමේ ඇති වැදගත්කම සලකා මෙම විනිසුරු මඩුල්ලට අතිරේක විනිසුරුවරයෙකු ලෙස මහින්ද සමයවර්ධන එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිලිගැනීම අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

පෙත්සම අද පෙරවරුවේ කැදවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන්ගෙන් විමසා සිටියේ මෙම පෙත්සම සලකා බැලීමට විරුද්ධත්වය පවතින්නේද යන්නයි. ඊට විරුද්ධත්වය නොමැති බව ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරටදී විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව කියා සිටියා.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමට තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරනතුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත ක්‍රියාත්මක කිිරීම වලක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories