පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනපති කොමිසමෙන් ඉල්ලීමක්

Monday, 30 September 2019 - 12:38

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර, පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඊට අදාළ සියලූ ඉදිරිපත් කිරීම් ලබන මස 14 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙසයි එම කොමිසන් සභාව දැනුම් දෙන්නේ. සිද්ධිමය කරුණුවලට අදාළ පැමිණිලි හෝ ප්‍රකාශ සෑම විටම දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කළ යුතුවනවා.

එම ලිඛිත දැනුම්දීම් ලැබීමෙන් පසු අදාළ පුද්ගලයින්ට සහ සංවිධානවලට වාචික සාක්ෂි දීම සඳහා ඇරයුම් කරන බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ.

සාක්ෂි ලබාදෙන සෑම පුද්ගලයෙකුම 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිසන් සභා පනත සහ 2015 අංක 4 දරණ  විධිවිධාන සළසා ඇති පරිදි අපරාධ වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට සහය සහ ආරක්ෂාව පිළිබඳ පනත මගින් ආරක්ෂාවන බවයි මෙම ජනාධිපති කොමිසම කියා සිටියේ.

පසුගිය 21 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව පත් කළ අතර, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකු ඊට ඇතුළත්.  

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිද්ධීන්, පුද්ගලයන්, සංවිධාන හඳුනාගැනීම මෙන්ම ඊට අදාළව රාජ්‍ය නිලධාරීන් වැරදි ලෙස බලය යොදාගැනීම, අතපසුවීම් සහ වගකීම් පැහැරහැරීම් ආදිය පිළිබඳවද විමර්ශනය කිරීම මෙම කොමිසමට පවරා තිබෙනවා.

මෙහිදි වරදකරුවන් වන පුද්ගලයින්ට අපරාධ නඩු පැවරීම සළකා බැලීමට නීතිපතිවරයාට හැකිවන බවයි කොමිසන් සභාව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories