තවත් අපේක්ෂකයින් 4ක් ජනපතිවරණයට ඇප බඳී - පෝස්ටර් සහ බැනර් ඉවත් කරන්න, පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දීමක්

Tuesday, 01 October 2019 - 7:25

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B6%E0%B6%B3%E0%B7%93+-+%E0%B6%B4%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් තවත් අපේක්ෂකයින් 4 දෙනෙකු ඊයේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව දැනට පිළිගත් දේශපාලන පක්ෂ 9ක අපේක්ෂකයින් සහ ස්වාධීන අපේක්ෂකයින් 4 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර් සහ බැනර් ඉවත් කරන ලෙසට අදාළ පක්ෂවල ලේකම්වරුන් දැනුවත් කිරීමට ද මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය ද මේ මස 4 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව කිසියම් ඡුන්ද හිමියෙකුට ඡන්දපොළේ දී ඡුන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහයකයෙකු කැටුව යාමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එම කැටුව යන සහයකයා වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු අතර, එම ඡන්ද විමසීමට අදාළව තරඟ කරනු ලබන අපේක්ෂකයෙකු නොවිය යුතු වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories