Update :- පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරේ

Tuesday, 01 October 2019 - 12:50

Update+%3A-+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
2017 වර්ෂයේ පොලිස් මූලස්ථානයේදී විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු සාපරාධි බියගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔහු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2017 අප්‍රේල් මස 11 වනදා පොලිස් මූලස්ථානයේදී විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු සාපරාධී බියගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදියි.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය ජූලි 8 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන්නා ලද නියෝගයකට අනුව සැකකාර පූජිත් ජයසුන්දරගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂිත කැමරා දර්ශන පෙන්වා වරද කියාපෑමෙන් අනතුරුව සැකකාර පොලිස්පතිවරයා විසින් මෙම සිදුවීම තමන් අතින් වූ බව පිළිගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ 2017 අප්‍රේල් මස 11 වන දින සිදුවූයේ යැයි සැළකෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් 2019 ජූනි මස 6 වන දින දක්වා පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණිලිකරු ප්‍රමාදවී ඇත්තේ ඇයිද යන්නයි.

එයට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ අදාළ සිදුවීම වූ සමයේ සැකකරු පොලිස්පතිවරයා ලෙස ක්‍රියාකර ඇති බැවින් පැමිණිලිකාර විශ්‍රාමික කොස්තාපල් සමරකෝන් බණ්ඩා නැමැත්තා ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කිරීමට පසුබට වී ඇති බවයි.

ඉන් අනතුරුව පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය මගහැරීමක් සිදුකර නොමැති බැවින් හා පැමිණිලිකරුට බලපෑමක් සිදුකර නොමැති බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසයි.

කරුණු සළකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක සඳහන් කළේ සැකකරුට ඇප ලබාදීමට එරෙහිව පැමිණිල්ල විසින් කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බැවින් හා ඔහු පැමිණිලිකරුට බලපෑම් කර නොමැති බැවින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කරන බවයි.

ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළ අතර, මේ සම්බන්ධයෙන් වන නඩුව ලබන ජනවාරි මස 8 වනදා යළි කැඳවීමටද නියෝග කළා.








2:03 PM ,Tuesday, October 1, 2019
.........................................rnrnrnrnrnrnrn
පූජිත් ජයසුන්දර අත්අඩංගුවට
rnrnrnrnrnrnrn
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
ඒ, 2017 වසරේදී පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු වූ කොස්තාපල් සමරකෝන් බණ්ඩාට සාපරාධි බලහත්කාරකම්පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම පහරදීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශ්‍රාම ගොස් සිටින කොස්තාපල් සමරකෝන් බණ්ඩා, වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුවයි විමර්ශන ආරම්භ වුණේ.
 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories