දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය අද - වර්ජනය අඛණ්ඩව

Thursday, 03 October 2019 - 7:32

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අද දිනයේ අත්සන් තැබීමට නියමිත බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් තමන් ක්‍රියාත්මක කරන වර්ජනය අද දිනයේදිද සිදුකරන බවයි දුම්රිය වෘත්තිය සමිති කියා සිටියේ.

වැටුප් විෂමතා මුල් කරගෙන දුම්රිය වෘත්තිය සමිති පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළා. දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේ වර්ජනයේ නිරත දුම්රිය රියදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරුන් සේවය හැරගියා සේ සැළකීමට තීරණය කරන බවයි.

පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන සිය ඉංජිනේරුවරුන් යොදවා අද සිට දුම්රිය ධාවනය කරන බව දුම්රිය ඉංජිනේරු සංගමය පවසනවා.  

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ද දුම්රිය මගීන් රැසක් වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටියා.

මේ අතර සිය සේවා ගැටළු විසඳීමට බලධාරීන් මැදිහත් නොවුණහොත් එළඹෙන සති අන්තයේදි දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුර කණුගල ප්‍රකාශ කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories