සජිත්ගේ අපේක්ෂකත්වය එජාප සම්මේලනයේදී තහවුරු වෙයි

Thursday, 03 October 2019 - 12:45

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිිරිමේ යෝජනාවට අද එම පක්ෂයේ විශේෂ මහ සම්මේලනයේදී අනුමැතිය හිමිවුණා.

මේ වන විටත් එය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි පැවත්වෙන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදි ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම ඇතුලූ තවත් යෝජනා 06 ක් ඉදිරිපත් වුණා.

ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම සම්මේලනයට යෝජනා කරනු ලැබුවේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.

ඊට අමතරව බලය බෙදා හැරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම යන යෝජනාද සම්මේලනයට ඉදිරිපත් වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කිරිමේ යෝජනාවටද මෙහිදි අනුමැතිය හිමිවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories