චමල් රාජපක්ෂත් ජනාධිපතිවරණයට ඇප තියයි

Friday, 04 October 2019 - 16:37

%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන අපේක්ෂකයා ලෙස මෙලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ද අද පෙරවරුවේ සිදුකෙරුණා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඔහු ඉදිරිපත් වන්නේ හංසයා ලකුණෙන්.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට අපේක්ෂකයින් 33 දෙනෙක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

අද දිනයේ පමණක් අපේක්ෂකයින් 12 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මේ අතර, ඇප මුදල් තැන්පත් කළ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් සහිත ජනාධිපතිවරණය මෙය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම, අනිද්දා මධ්‍යහ්න 12 න් අවසන් වන අතර, නාම යෝජනා භාර ගැනීම ලබන සඳුදා පෙරවරු 9 සිට 11 දක්වා සිදුකිරීමට නියමිතයි.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදීයි.

නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීමට එදින පෙරවරු 9 සිට 11.30 දක්වා කාලය ලබාදී තිබෙනවා.

එසේම, ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories