වර්ජකයින්ට එරෙහිව දුම්රිය බලධාරීන් පොලීසි යන ලකුණු

Saturday, 05 October 2019 - 12:58

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ ලබන සඳුදා සිට වර්ජනයේ නිරත සේවකයින් නිසි පරිදි සේවයට වාර්තා නොකළහොත් මෙලෙස නීතිමය පියවර ගන්නා බවයි.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබුණ ද සති අන්ත දිනයක් වූ අදත් දුම්රිය වර්ජනය 10 වන දිනට ක්‍රියාත්මක වනවා.

අද පෙරවරුවේ දුම්රිය වාර 12ක් ක්‍රියාත්මක වූ අතර, පස්වරුවේ දුම්රිය වාර 8ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවල ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඔවුන්ගෙන් විමසීමක් කළා.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ එහිදී කියා සිටියේ වැටුප් විෂමතා ගැටළුවට විසදුම් ලබාදෙන තුරු වර්ජනය අත්නොහරින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories