සහය කාටද ? - නිදහස් පක්ෂයේ තීන්දුව ප්‍රකාශ කිරීම අද

Monday, 07 October 2019 - 7:24

%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AF+%3F+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන පාර්ශවයකට සහය දක්වන්නේ යන්න සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි විරහිතව තීරණය කර ඇති බවයි.

ඊට අදාළ ගිවිසුමට අනිද්දා අනුරාධපුරයේදී අත්සන් තැබෙන බවයි ඔහු කියා සිටියේ.

ජනාධීපතිවරණයේදී නිදහස් පක්ෂය කුමන පාර්ශවයකට සහය දක්වන්නේද, යන්න සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ඊයේ දිනයේ පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ බොහෝ විට තම පක්ෂයේ තීරණය මාධ්‍ය හමුවකදී හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories