නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අපේක්ෂකයින්ට උණුසුම් පිළිගැනීමක්

Monday, 07 October 2019 - 13:41

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ කොමිසන් සභාවෙන් පිටතට පැමිණි අපේක්ෂකයින් පිළිගැනීම සඳහා ඔවුන්ගේ ආධාරකරුවන් උත්සව සංවිධාන කර තිබෙනවා.

එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි බවයි හිරු මාණ්ඩලික වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණයට අදාළව අද නාමයෝජනා පත්‍ර 35ක් ඉදිරිපත් කෙරුනු අතර, ඒවා සියල්ලම මැතිවරණ කොමිසම මගින් පිළිගනු ලැබූවා.

මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 011 - 2 868212, 011 2 868214 හෝ 011 2 868217 යන දුරකථන අංකවලට ලබාදෙන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉල්ලා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories