ගාල්ල - කනංකේ රිය අනතුරකින් 20 දෙනෙකු රෝහල් ගත කෙරේ

Monday, 07 October 2019 - 17:21

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%9A%E0%B6%B1%E0%B6%82%E0%B6%9A%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ගාල්ල - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කනංකේ - තාප්පේ මංසන්ධිය ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කොළඹ සිට දෙණියාය දක්වා ධාවනය කෙරුණු ශ්‍රී ලංගම බස් රථයක් සහ අකුරැස්ස සිට ගාල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් කරාපිටිය, ඉමදූව සහ අකුරැස්ස යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories