තීරණයක් ගන්න නිදහස් පක්ෂය, අදත් සාකච්ඡා

Monday, 07 October 2019 - 19:15

%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
ජනාධිපතිවරණයේදී කුමන පක්ෂයකට සහය දෙන්නේ යන්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් තීරණයක් ගෙන නැහැ.

ඒ පිළිබඳව අවසන් එකගතාවකට පැමිණීම සඳහා අද දිනයේදීත් සන්ධාන මහලේකම් - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරගේ කොළඹ පිහිටි නිවසේ සාකච්ඡා  වට කිහිපයක් පවත්වා තිබෙනවා.

සන්ධාන මහලේකම්වරයා ඊයේ කියා සිටියේ අද දින නිදහස් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබදව තීරණය තවදුරටත් කල් යනු ඇති බවයි එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද මාධ්‍ය වෙත සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories