ඇල්පිටිය - පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු, අද මැදියම් රැයෙන් අවසන්

Tuesday, 08 October 2019 - 12:34

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ සියළු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

එම ඡන්ද විමසීම ලබන සිකුරාදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඒ සඳහා ඡන්ද දායකයින් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

ඡන්ද මධ්‍යස්ථාන 47කදී පැවැත්වීමට සැලසුම් කර ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී සභිකයින් 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

කොට්ඨාශ 17ක් අතුරෙන් සභිකයින් 17 දෙනෙකු එහිදී තේරී පත්වන අතර, දෙවන ලැයිස්තුවෙන් තවත් සභිකයින් 11 දෙනෙකු තෝරා පත් කර ගැනෙනු ඇති.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂයෙකු වෙනුවෙන් සියළුම මැතිවරණ කාර්යාල 12,500කට නොවැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යා හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එසේම නාම යෝජනා භාරගැනීමේ අවස්ථාවෙන් අනතුරුව ඊයේ අපේක්ෂකයින් අමතමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් දැනුවත් කළා.

එහිදී ඔහු කියා සිටියේ නාම යෝජනා දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බවයි.

මේ අතර, පසුගිය 3 වන දා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එහි ලේකම් සුගත් හේවාවිතාරණ කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය හරහා ප්‍රතිවාදී අපේක්ෂකයින්ට තර්ජනයක් සිදුවන බවයි.

මේ අතර, තම පක්ෂය නියෝජනය කරන පාලනයක් පැමිණි සමයක සියලූ වංචනිකයින්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා. ගාල්ල - ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories