ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 26කින් දිගු වෙයි

Tuesday, 08 October 2019 - 13:11

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%9F%E0%B6%BD%E0%B7%8A+26%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණය සඳහා භාවිත කරනු ලබන ඡන්ද පත්‍රිකාව අඩි 2 යි අඟල් 2 ක දිගකින් යුක්ත බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

එය ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා භාවිත කිරීමට නියමිත දිගම ඡන්ද පත්‍රිකාවයි.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රජයේ මුද්‍රණාලයාධිපතිිනිය විසින් ආදර්ශ ඡන්ද පත්‍රිකාව මේ වනවිට ලබාදී ඇති බවයි.

ඒ අනුව උප පත්‍රිකාව සමඟ මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ සමස්ත දිග අඟල් 26 ක් එනම් අඩි 2 යි අඟල් 2 ක්.

උප පත්‍රිකාව ඡුන්ද පොල නිලධාරීන් සතුව තබාගන්නා අතර, ඡන්ද හිමියාට ඉතිරි කොටස හිමිවනවා.

ඒ අනුව ඡුන්ද දායකයා අතට ලැබෙන ඡන්ද පත්‍රිකාව අඩි 2 ක දිගකින් යුක්තයි.

අසාමාන්‍ය දිගකින් යුත් ඡුන්ද පත්‍රිකාවක් හේතු කොටගෙන සහ අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්දපොල නියෝජිතයින් 70 ක්, මෙන්ම ගණන් කිරීමේ නියෝජිතයින් 175 දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ජනාධිපතිවරණයේ පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමේ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 450 ක මුදලක් වෙන් කර ඇති බවයි.

එමෙන්ම පොලිතින් භාවිත කර මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවන්නන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories