පූජිත් සහ හේමසිරිගේ ඇප නියෝගය ප්‍රතික්ෂේපයි - යළි රිමාන්ඩ් කරන්නැයි මහාධිකරණයෙන් නියෝග

Wednesday, 09 October 2019 - 12:02

%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දී තිබූ ඇප නියෝගය කොළඹ මහාධිකරණය අද නිෂ්ප්‍රභ කළා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත අයදුම්පත සම්බන්ධයෙන් තීන්දුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේ.

අධිකරණ නියෝගයෙන් පසු සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් භාරයට ගත් බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories