ඇතින්නියන් මියයාමට හේතුව විෂ ශරීරගත වීමක්

Wednesday, 09 October 2019 - 12:16

%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හබරන - හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදි ඇතින්නියන් 06 දෙනෙකු සහ වන අලියෙකු මියගොස් ඇත්තේ විෂ ශරීර ගතවීමකින් බවට අනාවරණය වී තිබෙනවා.

වනජිවි දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කල අතර ඔවුන් ලබා දී ඇති වාර්තාව මගින් මෙම කරුණු හෙලිදරව් කර ඇති බවයි වනජිවි අධ්‍යක්ෂක ජනරාල් චන්දන සුරියආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත් කුමන විෂ වර්ගයක් ශරීර ගත වී ඇත්ද යන්න පිලිබදව අනාවරණය වි නැහැ.

අදාල විෂ වර්ගය කුමක්ද යන්න පිලිබදව සොයාබැලීම සදහා එම වාර්තා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ද යොමුකර තිබෙනවා. කෙසේ වෙතත්, ඇතින්නියන්ගේ ශරීර කොටස් මිට පෙර රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ද ලබාදුන් අතර එම වාර්තාවද ලබන සතියේ ලබා දිමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories